wideshasevaradio.com

Archive for the ‘ossip Photos’ Category

තවත් අභිරහස් යානයක් මුල්ලෙරියාවෙන් – UFOs in Sri Lanka

UFOs in Sri Lanka

UFO in Sri Lanka

පසුගිය 5 වනදා රාත්‍රී 11.30 ට පමණ සේවය නිමවී යතුරු පැදියෙන් නිවසට යන නිවසට එන සිරිපැරකුම්බා මාවතේ පදිංචිකරුවෙක් එම මාවතට ඇතුළු වන තැනදී තමන් අඩි 100 කට පමණ ඉහල අහසේ නැවතී තිබෙන කවාකාර වස්තුවක් දුටු බව කියයි.එහි ඔහු දුටු පැත්තේ දීප්තිමත් ආලෝක ලප 6 ක් වූ බවද වාර්තා වේ.ඔහු සිය යතුරු පැදියේ නැගී මෙම වස්තුව පිටුපස ලුහුබැද ගියද එය අසල වෙල් යායක් අද්දරින් අතුරුදන්වී ඇත.

සිද්ධිය අසා සිටි එම මාවතේ පදිංචි තවත් පුද්ගලයෙක් ඊට පසු දින රාත්‍රියේ 11:45 – 11:55 පමණ වන විට එම හදුනා නොගත් වස්තුව දැක ඇත.ඔහු දැක ඇති වස්තුව අර්ධ කවාකරා වස්තුවක් වන අතර ඔහු දුටු පැත්තේ අලූක ලප තුනක් තිබී ඇති අතර දෙපසින් නිවී නිවී දැල්වෙන ආලෝකයක්ද දැක ඇත.

ඊට පසු දින (7) වන දා ප්‍රදේශයේ පොලිසියද දැනුවත් කර පොලිස නිලධාරීන් හා ප්‍රදේශවාසීන් පිරිසක් එකතු වී හදාගෙන යන ගොඩනැගිල්ලක් මතට වී මෙම අත්භූත වස්තුව නරඹා ඇත.එදින කැලණිය ප්‍රදේශයේ සිට කොළඹ දෙසට එම වස්තුව ගමන් කරනු ඔවුන්ට දැක ගැනීමට හැකිවී ඇත. ඉන් පසුව පොලිස් නිලධ්රින්ගේ සහය ඇතුව මේ පිලිබදව ආතර් සි ක්ලාර්ක් මධ්‍යස්ථානයට මේ පිලිබදව දැනුවත් කර ඇත.

කඩුවෙල අහසේ හා මුල්ලේරියාවේ දිස් වූ ආලෝක සැබවින්ම දුටු දර්ශන වන අතර ඒ පිළිබද පොලිසියට හා ආතර්.සි ක්ලාක් මධ්‍යස්ථානයට දැනුම් දී ඇත.මේ අතර මේ දිනවල රූ ගත කිරීමට නියමිත “පිටසක්වල අභිරහස” නම් චිත්‍රපටයක් පිළිබද ප්‍රචාරක වැඩසටහනක්ද පුවත්පත් ඔස්සේ සිදු වෙයි.


මේ පිලිබද පලවූ පුවත්පත් වාර්තා

රිවිර පුවත්පතේ පලවූ ලිපිය.

ලක්බිම පුවත්පතේ පලවූ ලිපිය

UFO in Sri Lanka

ලක්බිම පුවත්පතේ පලවූ ලිපිය

රිවිර පුවත්පතේ පලවූ ලිපිය.

UFO in Sri Lanka

ගැහැණු වෙස් ගත් පිරිමි නිසා ලංකාවේ facebook අනතුරේ

ජනප්‍රිය සමාජ සම්බන්ධතා වෙබ් අඩවියක් වන ෆේස් බුක් භාවිතයෙන් සිදුවන අන්තර් ජාල අපරාධ මත කාලය තුලදී වැඩි වී තිබෙනවා. ශි‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරුගේ මහතා ප‍්‍රකාශ කළේ පසුගිය හය මස තුළ පමණක් එවැනි අපරාධ 160ක් වාර්තා වී ඇති බවයි.ඔහු තව දුරටත් ප්‍රකාශ කලේ දිනකට facebook සම්බන්ධයෙන් පැමිණිලි 10 ක් 15 ක් ලැබෙන බවයි.

කෙල්ලෝ ලෙසින් එන කොල්ලෝ
මෙහි දක්නට ලැබෙන නව ප්‍රවනතාව වන්නේ තරුණයන් තරුණියන් ලෙසින් ව්‍යාජ ගිණුම් සාදාගෙන එමගින් තරුණියන් රැවටීමයි.දැනට ක්‍රියාත්මක වන ගිණුම් අතරින් බොහොමයක් ලාංකික තරුණියන්ගේ ගිණුම් ව්‍යාජ ඒවා බව හදුනාගෙන ඇත.බොහෝ ගිණුම් සාදා ඇත්තේ තම වෙබ් අඩවිය ප්‍රචලිත කර ගැනීමට,තරුණියන් සමග චැට් කිරීම වැනි කරුණු මතයි.

එවැනි ව්‍යාජ ගිණුම් හදුනාගන්නේ කෙසේද?

* කාමුක ප්‍රොෆයිල් පින්තූර යොදා තිබීම
* ගිණුමේ ඇති ජායාරූප සීමිත වීම
* පෞද්ගලික තොරතුරු දක්වා නොමැති වීම
* අසංවර බසින් status යෙදීම හා comment කිරීම

තහනම් කරන ඉඩකඩ අඩුයි
facebook වෙත ලැබෙන පැමිණිලි දිනෙන් දින ඉහල ගියත් එය තහනම් කිරීමට ඇති ඉඩකඩ සීමිත බව බෝහෝ දෙනෙකුගේ මතයයි.මන්ද එමගින් මානව අයිතිවසිකම් කඩවෙන බැවිනි.

facebook තුලින් ඔබටත් යම්කිසි අකටයුත්තක් සිදු වුවහොත් එ පිලිබදව http://www.slcert.gov.lk (ශ්‍රී ලංකා සර්ට් ආයතනය) දැනුම් දෙන්න

facebook තුලින් හමුවූ ගැහැණු වෙස් ගත් පිරිමි

live@8 එය වාර්තා කල ආකාරය

More videoshttp://www.wideshaseva.com/home/facebook_unmadaya.html