විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ඇප මත නිදහස් කරයි.
අත්අඩංගුවට පත්ව සිටි විකිලීක්ස් නිර්මාතෘ අසාන්ජ් පවුම් 240,000ක මුදල් ඇපයක් සහ දැඩි කොන්දේසි මත මුදා හැරිණ.තම්න්ට එරෙහිව එල්ල වී ඇති ලිංගික අපචාර චෝදනා සියල්ල ප්රතික්ෂේප කරන 39 හැවිරිදි අසාන්ජ් පවසන්නේ මෙම සියලු චෝදනා තමාගෙන් පලිගැනීම සඳහා දේශපාලන උවමනාවක් මත එල්ල කළ චෝදනා බවයි.
එසේම ලිංගික අපචාර චෝදනා මත තමන්ව ස්වීඩනයට පිටුවහල් කිරීමට එරෙහිව ඔහු නීති මාර්ගයෙන් කටයුතු කරමින් සිටියි
එමෙන්ම තවදුරටත් රාජ්ය රහස් හෙළි කරන බවද ජුලියන් අසාන්ජ් අවධාරණය කර සිටී.
ලන්ඩන් මහාධිකරණයෙන් ඇප ලබා දීමෙන් අනතුරුව ඔහු ඒ බව ප්රකාශ කළේය.
Recent Comments