wideshasevaradio.com

ඇෆ්ගනිස්ථානයේ බමියාන් බුද්ධ ප‍්‍රතිමා ඉස්ලාම් අන්තවාදින්ගේ ඩයිනමයිට් වලින් අලූ වී ගියාට පසුව ඇෆිගනිස්ථානයෙන් සදහටම නැතිවී යන තවත් බොදු බිමක් පුරාවිද්‍යාඥයින්ගේ අවධානයට යොමුව ඇත. ඒ තැන හැදින්වෙන්නේ මෙස් අයිනැක් Mes Aynak නමිනි. කාබුල් නගරයට කි. මී. 30 ක් එපිටින් පිහිටි මෙස් අයිනැක් අක්කර ගණනක විශාල භුමි ප‍්‍රදේශයක පැතිරුන බෞද්ධ ප‍්‍රදේශයකි. ස්ථුප අටකට වැඩි ප‍්‍රමාණයක් මෙම බිමේ ඇත. විහාරගෙවල්, සංඝරාම, ධර්ම ශාලා, දානශාලා, ප‍්‍රතිමා ගෙවල් ආදි වශයෙන් නටබුන් වු ගොඩනැගිලි රාශියකි. ඇතැම් විහාරගෙවල් ඇතුලත හිස් ගලවා කඩා බිඳ දැමු ප‍්‍රතිමා ඇත. පුරාවිද්‍යාඥයින්ගේ බලවත් උත්සාහය නිසා මතුකරගත් බිතු සිතුවම් දෙකක් ඇමරිකානු පුරාවිද්‍යා සඟරා වේ නොවැම්බර් කලාපයේ දකින්ට හැක.

ඇෆ්ගිනිස්ථානය යනු ක‍්‍රිස්තු පුර්ව යුගයේ සිට වර්ෂ හයවන සියවස දක්වා ලෝකයේ වු පොහොසත්ම රටවල් අතරින් එකකි. ඒ පොහොසත්කම ධනයට පමණක් සීමා වු එකක් නොවීය. මෙය උගත් ජනයාගෙන් පිරි රටක් හැටියට අවට ලෝකයේ ප‍්‍රසිද්ධව පැවතුනි. චිනය හා මැද ආසියානු රටවල බුදු දහම පැතිරගිය පසුව ඒ හැම රටකින්ම ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපන පීඨයන්වෙත ඉගෙණුම සදහා විද්‍යාර්ථින් ගලා ආහ.

ඇෆ්ගනිස්ථානයේ නැගීම ඇරඹෙන්නේ ඉන්දු ග‍්‍රීක රජවරු මෙහි රාජධානි බිහිකළ පසුවය. ලංකාව බදු රටවලත් ප‍්‍රසිද්ධ මිලින්ද ප‍්‍රශ්නය නැමැති බණපොතේ සදහන් වෙන මිලිදු රජ්ජුරුවෝ මෙහි විසු පාලකයෙකි. නාගසේන හිමියෝ ඇෆ්ගනිස්ථානයේ විසු භික්ෂුවකි. ඉන්දු ග‍්‍රීක යුගයෙන් පසු මෙම රට යුවේචී නැමැති ගෝත‍්‍රයේ රජවරුන්ට හිමිවිය. ඇෆ්ගනිස්ථානයේ ස්වර්ණමය යුගය ඇතිවුයේ යුවේචී රාජවංශයක් වු කුෂානයන් ගේ කාලයේදීය. කනිෂ්ක රජතුමා ඇෆ්ගනිස්ථානය ලොව ධනවත්ම රාජ්‍යය අතරින් එකක් බවට පත් කළේය. ඇෆ්ගනිස්ථානය මහා කලාගාරයක් විය.

ඇෆ්ගිනිස්ථානයේ ධනවත්කමට එය සේද මාවත නමින් වර්තමානයේ හැදින්වෙන චීනය හා අපරදිග අතර වෙළදාම කළ මාර්ගයේ වු රටක් විම එක හේතුවක් යයි ඉතිහාසඥයෝ කියති. මෙම භුමිය තඹ ආකර වලින් පොහොසත් ව පැවතීම තව හේතුවකි. මෙස් අයිනක් වලින් ලැබි ඇති ලියවිල්ලකින් පැහැදිලි වෙන්නේත් තඹ කර්මාන්තයේ යෙදුන බෞද්ධ ව්‍යාපාරිකයෝ මෙබදු සුවිශාල බෞද්ධ ගොඩනැගිලි හා ප‍්‍රතිමා ඇෆ්ගනිස්ථානයේ ඉදිකරවු බවයි.

ක‍්‍රිස්තු වර්ෂ හයවන සියවසේ සිට ඇෆ්ගනිස්ථානයේ පරිහානිය ඇරඹුනි. රට ඉස්ලාම් ආක‍්‍රමණිකයින්ට හසුවුනි. වර්තමාන ලෝකයේ පවතින දිලිදුම රටවලින් එකක් ඇෆිගනිස්ථානයයි. ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් ඉතාම වැඩි පිරිසකට අකුරු කියවීමට නොහැක. තලිබාන්වරුන්ට හසුවී ඊළඟට යුද්ධයකට පැටලි සිටින ඇෆ්ගනිස්ථානයට හිස එසවීමට යම්තම් හෝ බලාපොරොත්තුවත් ඇතිවෙන ගිවිසුමකට පසුගිය කාලයේ ඇෆ්ගාන් රජය එළඹනි. චීනයේ විශාල සමාගමක් (එම් ජීසී) ඇෆ්ගිනිස්ථානයේ තඹ ආකර හැරීමට මෙම ගිවිසුම යටතේ කැමැත්ත පළකර සිටී.

මෙම තඹ ආකර පිහිටා තියෙන්නේ මෙස් අයිනෙක් පුරාන බොදු බිම සමීපයේ ය. තඹ ආකාර හැරීම කරගෙන යද්දි මෙස් අයිනෙස් විනාශ වි යතැ යි පුරාවිද්‍යාඥයෝ සිතති. ඔවුන්ට චින සමගම වසර තුනක කාලයක් දී ඇත. 2011 වෙනවිට පුරාවිද්‍යා ගවේෂණ සියල්ල නිමකර සොයාගන්නා සියලූම දේ චිත‍්‍රපටිගතකර අවසන් කරන්නැයි සමාගම පුරාවිද්‍යාඥයින්ට කියයි. පුරාවිද්‍යා කාර්‍යයන්හි යෙදෙන විද්‍යාඥයින් කියන්නේ දස වසරක් ගවේෂණය කළත් නිමකරන්ට බැරි තරම් පුරාවස්තුන් මෙහි ඇති බවයි.

more news

ඔබගේ අදහස් - Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Tag Cloud

%d bloggers like this: